සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා. වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්රයන් හි සබඳතා වර්ධනය, ත්‍රස්තවාදය වැළැක්වීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර අමාත්‍ය කේ ෂන්මුගම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවුණා.
සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු නිතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි. දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්රයන් හි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය, ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදය පිටුදැකීම, විදේශ බලවේගවල තර්ජන, බුද්ධි අංශ වර්ධනය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු වුණා. සාවද්‍ය තොරතුරු හුවමාරුව වැළැක්විමට හා ආගමික සංහිඳියාව පවත්වාගෙන යාමට සිංගප්පූරුව හඳුන්වා දී ඇති නව නීති සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.
මේ අතර කේ ෂන්මුගම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ අරලියගහ මන්දිරයේදීයි. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා.