fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයේදී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් 176 ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 17:15

ඉරානයේදී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් 176 ක් ජීවිතක්ෂයට

176 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඉරානයේදී අනතුරට පත්වීමෙන් එහි සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත්වුණා.

යානය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 167 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 09 දෙනෙකු එහි සිටි බව සඳහන්. මේ වන විට යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිබෙනවා.

බෝයිං 737 වර්ගයේ යුක්රේන ගුවන් සමාගමට අයත් පී එස් 752 යානය අද උදෑසන 6.12ට පමණ මගීන් සහ කාර්ය මණ්ලය රැගෙන ඉරානයේ ටෙහෙරාන් නුවර ඉමාම් කොමේනි ගුවන්තොටුපලෙන් යුක්‍රේනයේ කියෙෆ් නුවර දක්වා ගමන් ආරම්භ කළා. ගුවන්ගත වී විනාඩි 10 කින් පමණ ගුවන් යානය කඩා වැටී තිබෙනවා. වසර 04 ක් පැරණි මෙම යානයේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුරට පත් වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. යානය කඩාවැටීමට පෙර ගිනිගෙන ඇති බව මූළික පරික්ෂණවලදී හෙළි වුණා. ටෙහෙරාන් නුවර යුක්‍රේන තානාපති කාර්යාලය පවසන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බවයි. අනතුර පිලිබද පරික්ෂණ පැවැත්වීම සදහා ඇමෙරිකාව, ඉරානය, යුක්රේනය, ප්‍රංශය විශේෂ කණ්ඩායම් කිහිපයක් අනුයුක්ත කර තිබෙනවා. රටවල් 7 කට අයත් මගීන් යානයේ සිට ඇති අතර ඉරානයේ අසූ දෙදෙනෙකු, කැනඩාවේ 63 දෙනෙකු, යුක්රේනයේ 11 දෙනෙකු, ස්වීඩනයේ 10 දෙනෙකු, ඇෆ්ගනිස්ථානයේ 4 දෙනෙකු, බ්‍රිතාන්‍ය යේ 3 දෙනෙකු හා ජර්මනියේ 3 දෙනෙකු ඒ අතර වනවා. යුක්රේනය ටෙහෙරාන් දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්