ඇමෙරිකාව මැලේසියාව ඇතුළු රටවල් රැසක් ඉරාන ගුවන් අවකාශ යටතේ සිය ගුවන්යානා පියාසර කිරීම තහනම් කර තිබෙනවා.
සිංගප්පූරුව හා චීනයද ඉරාන ගුවන් අවකාශය මගහැර සිය ගුවන් ගමන් සිදු කිරීමට තීරණය කෙරුණා. කලාපයේ ඇතිවී තිබෙන අර්බුධකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් තම ගුවන්යානා එම කලාපයට ඉහළින් පියාසර නොකර සිටීමට තීරණය කර තිබෙනවා.
ඉරානය, ඉරාකයේ ඇති අමෙරිකා හමුදා මූලස්ථාන දෙකකට බැලස්ටික් ප්රහාර එල්ල කිරීමෙන් අනතුරුව රටවල් රැසක් මෙම තීරණවලට එළඹ තිබෙනවා.