උතුරු පළාතෙන් මෙවර ඉහළ රටකජු අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වනවා.
නිසි පරිදි වර්ෂාව ලැබීම වගා සරුවීමට හේතුවී තිබෙනවා. යුද හමුදාවේ හා ස්වෙච්ඡා සංවිධානවල මැදිහත්වීමෙන් බෝම්බ, මර උගුල් ඉවත්කර වගා කිරීමට හැකි ලෙස භූමිය සකස්කර දීම නිසාද වැඩි බිම් ප්රමාණයක රටකජු වගා කිරීමට හැකිවුණා. ඒ අනුව කිලිනොච්චිය , මුලතිව්, වව්නියාව දිස්ත්රික්වල ගොවීන් විශාල වශයෙන් රටකජු වගාකර තිබෙනවා. රටකජු කිලෝවකට රුපියල් සීයත් 120 ත් අතර ඉහළ මිලක් ලැබෙන බවයි ගොවීන් පවසන්නේ.