fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ඕස්ට්‍රේලියා අගමැති සමඟ සංවේගය බෙදාගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 19:10

ජනපති ඕස්ට්‍රේලියා අගමැති සමඟ සංවේගය බෙදාගනී

ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති දරුණුතම ලැව්ගිනි විපත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය සංවේගය පළකළා. ඒ  ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දුරකතනය ඔස්සේ ආමන්ත්‍රණය කරමින්.

ජනාධිපතිතුමා ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනයෙන් සම්බන්ධවෙමින් ඕස්ට්‍රේලියාව මුහුණදී ඇති ලැව්ගිනි ව්‍යසනය පිළිබද තම සංවේගය පළකළා. මෙම වකවානුව තුළ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හටගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් මෙවර එය පෙර නොවූ විරූ තරම් භියකරු හා විනාශකාරී වී තිබෙනවා. ඊට ගොදුරුවූ ඕස්ට්‍රේලියානුවන් 30 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර දිවි අහිමිවී ඇති වනසතුන් සංඛ්‍යාව ලක්ෂ පනහ ඉක්මවනවා. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සමග පැවැත්වූ දුරකතන සංවාදයේ දී එරට නෑ හිතමිතුරන් අහිමිවී පවුල් වෙත සිය බලවත් ශෝකය පළකිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළා.

සුනාමි මෙන්ම වරින්වර ඇතිවූ ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණදුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව ඕස්ට්‍රේලියා ජනතාව මේ මොහොතේ විදින වේදනාව මනාව තේරුම් ගෙන ඇති බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ.

මේ ආපදා අවස්ථාවේදී ඕස්ට්‍රේලියා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව තේ තෝගයක් පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්