අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඒ පසුගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි රන්ජන් රාමනායක මහතා ශානි අබේසේකර මහතා සමඟ සිදුකළ දුරකථන සංවාදය පිළිබද පරීක්ෂණ සිදු කිරිම වෙනුවෙන්.
අධිකරණයේ විභාගවූ නඩු කිහිපයක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා සහ ශානි අබේසේකර මහතා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා මහතා අතර ඇතිවූ දුරකථන සංවාදවල හඬපට මේ වනවිට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව සිද්ධිය පිළිබද විමර්ශනයක් සිදුකරන බවයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ.