fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෘථිවිය තරම් විශාල වූ ග්‍රහලෝකයක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 15:06

පෘථිවිය තරම් විශාල වූ ග්‍රහලෝකයක් හමු වෙයි

පෘථිවිය තරම් විශාල වූ ග්‍රහලෝකයක් නාසා ආයතනයෙන් සොයා ගෙන තිබෙනවා.

පෘථිවියට ආලෝක වර්ෂ 100 ක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය (ටී.ඕ.අයි. 700 ඩී) ලෙසයි නම් කර ඇත්තේ. ග්‍රහලෝකය ආසන්නයේ තාරකා කිහිපයක්ද ඇති බව නාසා ආයතනය පවසනවා. සොයාගත් නව ග්‍රහලෝකයේ බොහෝ දුරට ජලය ඇති බවට සැලකෙනවා. 2018 වසරේ ගුවන්ගත කළ ටෙස් නමැති චන්ද්‍රිකාව මෙම නව ග්‍රහලෝකය සොයාගෙන තිබෙනවා. මීට පෙර පෘථිවිය හා සමාන ග්‍රහලෝක කිහිපයක් සොයාගත්තේ කෙප්ලර් දුරේක්ෂය භාවිතයෙන්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්