fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව මිල අධිකම හිස

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 13:10

ලොව මිල අධිකම හිස

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිස ලබා දෙන්නෙකු හට ඇමෙරිකා ඩොලර් මිලියන 80ක් ලබා දෙන බව ඉරානය පවසනවා.

ඉරාන හමුදා ජනරාල් කසීන් සොලෙයිමානී ඝාතනය කිරීමට ජනාධිපතිවරයා අණදීම හේතුවෙන් ඉරානය මෙම තීරණය ගෙන තිබෙනවා. ඊයේ දිනයේ පැවැත්වූ ඉරාන හමුදා ජෙනරාල්වරයාගේ අවමංගල උත්සවය අතරතුර ඉරාන රූපවාහිනී නාලිකාවවල මේ බව ප්‍රචාරය කෙරුණා. මිලියන 80ක් වූ ඉරාන ජනතාව ඇමෙරිකා ඩොලරය බැගින් පරිත්‍යාග කොට මෙම මුදල ලබා දෙන බවයි ප්‍රකාශ කර තිබුණේ. ඉරාන හමුදා ජෙනරාල්වරයා පසුගිය තුන්වනදා ඇමෙරිකා ගුවන් ප්‍රහාරකයකින් ඉරාකයේදී ඝාතනයට ලක්වුණා.

මේ අතර තම හමුදා ඉරාකයෙන් ඉවත්කර නොගන්නා බව ඇමෙරිකාව පවසනවා. ඇමෙරිකා හමුදා ජනරාල්වරයෙකු ඉරාකයේ ඇමෙරිකා හමුදා ප්‍රතිස්ථානගත කරන බවට යැවූ ලිපිය පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මේ බව ප්‍රකාශ කළා. මෙම ලිපිය අත්වැරදීමකින් යවන ලද්දක් බවයි ඇමෙරිකාව ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්