fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුද්ධි අංශ ශක්තිමත් කිරීම ජනපතිගේ ප්‍රමුඛම කාර්යය බව යුද හමුදාපති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 12:45

බුද්ධි අංශ ශක්තිමත් කිරීම ජනපතිගේ ප්‍රමුඛම කාර්යය බව යුද හමුදාපති කියයි

පසුගිය සමයේ අකර්මන්‍යකර තිබූ බුද්ධි අංශ වඩාත් ශක්තිමත් කිරීම ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලේ ප්‍රමුඛම කාර්යය බව  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ තුළින් ජාතික ආරක්ෂාව වඩාත් තහවුරු කිරීම අරමුණ බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ. නෙළුම් පොකුණ රගහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

නැණ ගුණ පිරි විරු දරු අභිමන් රණවිරු දූදරු සත්කාර මූල්‍ය ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. රණවිරු දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ මෙන්ම සාමාන්‍ය පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට රුපියල් කෝටි 5කට ආසන්න මූල්‍යාධාර ලබා දීම මෙහිදී සිදු කෙරුණා. යුද හමුදාවේ ස්වෙච්ඡා බලසේනාවයි මේ සඳහා දායකත්වය ලබා දුන්නේ. මෙම උත්සවයෙන් අනතුරුව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා  මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්