fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියා ලැව් ගින්නෙන් නිවාස 2000ක් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 16:18

ඕස්ට්‍රේලියා ලැව් ගින්නෙන් නිවාස 2000ක් විනාශ වෙයි

ඕස්ට්‍රේලියා ලැව් ගින්නෙන් නිවාස 2000ක් විනාශ වී ඇති බව එරට නවතම වාර්තා සඳහන් කරනවා.

අද දිනයේ පවතින සීතල සහ වැසි සහිත කාලගුණ තත්ත්වය ගිනි නිවීම සඳහා උපකාරී වනු ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.  ඕස්ට්‍රේලියාවේ ගිණිකොණ දිග ප්‍රදේශයේ සක්‍රීය ලැව් ගිනි 200ක් පමණ වාර්තා වී තිබෙනවා. හෙක්ටයාර මිලියන 8ක භූමි ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ තිබෙනවා. පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ දිනයේ දී පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වුණා.  මේ අතර ලැව්ගිනි දකුණු ඇමෙරිකාව දෙසට පැතිර යන බවයි වාර්තා වන්නේ. චිලී හා ආජන්ටිනා යන රටවලට කිලෝමීටර දොළොස්දහසක් දුරින් ලැව් ගිනි පැතිර ගොස් තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්