හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවම් නියම කර තිබෙනවා.
ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරුවීම හේතුවෙන්. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ. සිර දඩුවමට අමතරව රුපියල් ලක්ෂ තුනක දඩයක්ද නියම කෙරුණා.
2005 වසරේ මැයි පස්වනදා සිට 2007 වසරේ අපේ‍්‍රල් 30 වනදා දක්වා කාලයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතුු කරමින් රුපියල් නවලක්ෂ හැට දහසක් වැයකර වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබාගෙන රජයට පාඩු සිදුකළ බවටයි චෝදනාව ගොනුකර තිබෙන්නේ.
දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවයි.