fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුරාබදු වැටලීම් වලින් හතළිස් තුන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 09:09

සුරාබදු වැටලීම් වලින් හතළිස් තුන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනේ

සුරාබදු වැරදි සම්බන්ධයෙන් පසුගිය වසරේදී පුද්ගලයන් හතළිස් තුන්දහස් එකසිය විසි අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වැටලීම් හතළිස් හත් දහසකට වැඩි ප‍්‍රමාණයක් සිදුකර තිබෙනවා. සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් රුපියල් කෝටි 110 කට වැඩි වටිනාකමකින් සමන්විත භෙරොයින් තොගයක් ද අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

අඛණ්ඩව වැටලීම් සිදුකරන බවත් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2020 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්