අට දෙනෙකුට මරු කැඳවූ බස් අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය පවසනවා. තුවාලකරුවන් සියලු දෙනාම මේ වන විට ප්‍රතිකාර ලබන්නේ බදුල්ල රෝහලේයි. එම සංඛ්‍යාව 44ක්.
බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වෙමින් තිබූ මෙම මගී බස් රථය ඊයේ පස්වරුවේ අනතුරට ලක්වුණේ අඩි 250 ක ප්‍රපාතයකට පෙරළීමෙනුයි. පස්සර නගරය පසුකර මාලිගාතැන්න ප්‍රදේශය හරහා දැඩි වංගු සහ බෑවුම් සහිත ප්‍රදේශයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන් අතර පාසල් ළමයින් දෙදෙනෙකු ද වනවා. අනතුරෙන් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කෙරුණු සියලු දෙනාම බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. හතර දෙනෙකුගේ තත්වය බරපතල බවයි බදුල්ල රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂවරයා ප්‍රකාශක කළේ.
සිද්ධිය සැලවූ වහාම විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගොස් අදාළ සහන කටයුතුවලට සහ පරික්ෂණ කටයුතුවලට එක්වුණා. අද දිනයේද ඔවුන් එම ස්ථානයේ මෙහෙයුම් සිදුකරනවා. මේ අතර මහේස්ත්‍රාත් පරික්ෂණය ද අද පැවැත්වීමට නියමිතයි. මෙම කටයුතුවලට බාධා සිදුවන බැවින් සිද්ධිය වූ ස්ථානය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UDfE0hhDoQM”]