ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට ඇතුලු වූ මුහුණු ආවරණය කර ගත් කණ්ඩායමක් සිදු කළ පහරදීම්වලින් පසු එරට පුරා විරෝධතා ආරම්භ කර තිබෙනවා.
පහරදීම්වලින් පුද්ගලයින් හතලිස්දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ඒ අතර ආචාර්යවරුන් 12 දෙනෙකු ද වනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදුවීම වැලැක්විමට පොලිස් නිලධාරින් යොදවා තිබෙනවා. පහර දීමට සම්බන්ධ පුද්ගයන් කිහිප දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.