සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛභාෂා පාසලක් බැගින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
භෞතික සම්පත් වර්ධනය මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම රජයේ දැක්ම බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. කටුගස්තොට ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/3oD5VsnUXzA”]
දැයේ දූ දරුවන්ගේ ප්‍රඥාව පෝෂණය කිරීමේ ප්රමුඛ අරමුණ සහිතව ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය ඉදිකිරීම සඳහා කටයුතු කළේ ඓතිහාසික රන්ගිරිදඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමීන්වහන්සේයි. බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් සමරු සටහනක් ද තැබුවා. මහා සංඝරත්නය ද මැතිඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.