පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර රුපියල් දෙලක්ෂ පනස්දහසක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
සෑම මසකම අවසන් ඉරු දින සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කළ යුතුයි. සැකකරුට ඇප ලබා දීමට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ එය විමර්ශනවලට බාධා විය හැකි බවයි. මෙම නඩුවට අදාළ පළමු සැකකරු වන දැනට ඇප මත මුදා හැර සිටින පාඨලී චම්පික රණවක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.