ලොව වයස්ගතම කාන්තාව ලෙස සඳහන්වන ජපානයේ කානේ ටනාකා 117 වන ජන්ම දිනය සමරමින් සිය ගිනස් ලෝක වාර්තාව අලුත් කළා.
සිව්දරු මවක වන ඇය පසුගිය වර්ෂයේ ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට එක්වුණා. ඇයගේ උපන්දින සාදය සඳහා පවුලේ සාමාජිකයන්, හිත මිතුරන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. එම උත්සවය එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු කිරීම විශේෂත්වයක්.