ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයට අද යළි ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය හමුවකට එක්වූ සුදු වෑන් රියදුරු බව කියූ පුද්ගලයා සහ සුදුවෑන් වලින් පැහැරගත් අවස්ථාවේදී දිවි ගලවාගත් බව ප්‍රකාශ කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබෙනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. තමන්ට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදෙන බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා පොරොන්දු වූ බවටයි සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණේ. සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට ඇප මත නිදහස්ව සිටිනවා.