ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ ලැව්ගිනි පැතිර යාම අවම වී තිබෙනවා.
එහෙත් ලබන බ්‍රහස්පතින්දා වන විට උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ නැවතත් ලැව්ගිනි ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මේ අතර වයඹදිග ඕස්ට්‍රේලියා වෙරළ තීරයට බ්ලේක් සුළිකුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. සුළිකුණාටුව පැයට කිලෝමීටර 75 ක වේගයෙන් පැමිණ පැයට කිලෝමීටර 125 දක්වා වැඩිවිය හැකි බවයි සඳහන් වන්නේ.