fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම ලබන 16 වනදා

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 12:11

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම ලබන 16 වනදා

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම ලබන 16 වනදා සිදුකෙරෙනවා.

සංකේතාත්මක ප‍්‍රධාන උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ විල්ගමුව ධර්ම ප‍්‍රදීප කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව දිවයිනේ සියලු පාසල් වලට 2020 වසර වෙනුවෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර පසුගියදා පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඑල මත සිසුන් පාසල් වලට ඇතුලත් කරගැනීමේ කටයුතු අද සිට ලබන 17 වනදා දක්වා කි‍්‍රයාත්මක කෙරෙන බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

ශිෂ්‍යත්ව ප‍්‍රතිඑල මත පාසලක් නොලැබුණු හා ලැබී ඇති පාසල වෙනස් කරගැනීම සඳහා අභියාචනා භාරගැනීම ද අද සිට ආරම්භ වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්