කෙසෙල්ගමුව ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පස් දෙනෙකු බගවන්තලාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තෙරේසියාවත්ත ප්රදේශයෙන් කෙසෙල්ගමු ඔයේ ගංපතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩගැනීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද දිගු උදැල්ලක ආධාරයෙන් සැකකරුවන් ඉල්ලම් ගොඩදමමින් සිටි බවයි පොලීසිය ප්රකාශ කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් භෙට හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.