fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිකවැරටිය දැරියට පහරදීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 09:11

නිකවැරටිය දැරියට පහරදීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ

නිකවැරටිය ප්‍රදේශයේ දැරියකට පහරදීම සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පැවැත්වෙනවා.

කාන්තාවන් දෙදෙනෙකු අමානුෂික ලෙස දැරියට පහරදෙන දර්ශන මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. ඒ අනුවයි දැරියගේ පියා ,දෙවන විවාහයේ බිරිද සහ එම කාන්තාවගේ සහෝදරිය වන ග්‍රාමනිලධාරිණිය අත්අඩංගුවට ගැනුණේ.

මේ පිළිබද අමාත්‍යාංශ මට්ටමින් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනෙකු නිකරවැරටිය ප්‍රදේශයට පිටත්කර යවන බව රාජ්‍ය පරිපාලන  ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්