රුපියල් මිලියන 58 කට වැඩි වටිනාකමකින් යුත් රත්රන් තොගයක් කටුනායක රේගුව අත්අඩංගුවට ගත්තා.
කටුනායක ගුවන්තොටුපොලේ ගුවන් මගීන්ගේ ගමන්මළු පිටතට රැගෙන එන පුද්ගලයෙකු මෙම රත්රන් සඟවාගෙන රැගෙන විත් තිබෙනවා. ඔහු විශේෂ බදපටියක මේවා සඟවාගෙන විත් ඇති අතර එහි රත්රන් කැබලි 65 ක් තිබූබව කටුනායක රේගු මත්ද්‍රව්‍ය නාශක පාලන අංශය පවසනවා. ඒවායේ බර කිලෝ 6 ක් පමණ වන බවයි එම නිලධාරීන් සඳහන් කළේ. සැකකරු වයස අවුරුදු 41 වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.