fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ ජය පොලිස් ක‍්‍රීඩා සමාජයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 14:36

පිලිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ ජය පොලිස් ක‍්‍රීඩා සමාජයට

ශ්‍රී ලංකා පාන්දු සම්මේලනය සංවිධාන කරන එෆ්ඒ කුසලානය සඳහා පිලිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම සමග පැවති තරගය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා පොලිස් ක‍්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුනා.

කොළඹ සුගතදා ක‍්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට දෙපිලම කිසිදු ගෝලයක් වාර්තා කිරිමට සමත් වුයේ නැහැ. තරගයේ දෙවන අර්ධයේදී  ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම සහ පොලිස් ක‍්‍රීඩා සමාජ කණ්ඩායම ගෝල එක බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසු වුනා. ඒ අනුව තරගයේ ජයග්‍රහණයකයින් ‍තෝරා ගැනිමට  දඬුවම් පහර අවස්ථාව භාවිත කිරිමට තරග විනිසුරුවන් තීරණය කළා. එහිදි දඩුවම් පහර 05ට 04ක් ලෙස ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගැනිමට ශ්‍රී ලංකා පොලිස් ක‍්‍රීඩා සමාජ පාපන්දු කණ්ඩායම සමත් වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2020 14:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්