උතුරු පළාතෙන්ම ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට වැඩි ඡන්ද ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කලා.
පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුනේ එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පක්ෂ කාර්යාලය විවෘත කිරිමෙන් පැවති උත්සව සභාව අමතමින් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීම සඳහා කැපවී ක්‍රියා කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/W2LmoT40BXg”]