ශ්රී්ර ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20 යි 20 තරඟය අද ආරම්භ වනවා. ඒ ශ්රී්ර ලංකා වේලාවෙන් රාත්රී 7 ට.
තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ගුවාහාති කී්රඩාංගනයේදීයි. ශ්රී්ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංග. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලිට හිමිව තිබෙනවා. අංශ කිහිපයකින් මෙම 20 – 20 තරඟාවලිය ශ්රී්ර ලංකාවට වැදගත් බවයි නායක ලසිත් මාලිංග ප්රකාශ කළේ. දෙරට අතර තරඟාවලියට 20 යි 20 තරඟ තුනක් ඇතුලත්.