දුම්රිය යාචකයන් වෙනුවෙන් රජය විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. යාචකයන් අතරින් විශේෂ දක්ෂතා සහිත පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියා වැඩිදියුණු කිරීමයි අරමුණ. එවැනි පිරිස් ස්වයං රැකියා සඳහා යොමුකරවීම ඉදිරි මාසය ඇතුලත සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පවසන්නේ.
දුම්රිය මඟීන්ට හිරිහැරයක් වන ලෙස හැසිරෙන යාචකයන් අත්අඩංගුවට ගැනීම පසුගිය පළමු වනදා සිට ආරම්භ වුණා. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි ආකාරයට එම පිරිස සමාජගත කිරීමයි නව වැඩසටහනේ අරමුණ.