හෙරොයින් අලෙවි කළ සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු කළුතර දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර දකුණ කොහොලාන ප්රදේශයේ පදිංචි මෙම දෙදෙනා සිවිල් ආරක්ෂක බලකායේ සේරුපිට කදවුරේ සේවය කරන්නන් බවයි පොලිසිය පවසන්නේ. සිවිල් ඇදුමින් සැරසී තරුණයින් හතර දෙනෙකුට මත්කුඩු අලෙවි කරමින් සිටියදී ඔවුන් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයි.
සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් ග්රෑම් 7ක් සොයා ගැනුනා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.