fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් අනතුර සම්බන්ධයෙන් පාර්ශ්ව පහකට විමර්ශන පවත්වන්නැයි නියෝගයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 15:27

ගුවන් අනතුර සම්බන්ධයෙන් පාර්ශ්ව පහකට විමර්ශන පවත්වන්නැයි නියෝගයක්

හපුතලේ අයිස්පීල්ල ප‍්‍රදේශයේ සිදුවු ගුවන් අනතුර සම්බන්ධයෙන් පාර්ශ්ව පහකට විමර්ශන පවත්වන ලෙස බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ හපුතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව. බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරුහේන මහතායි නියෝගය නිකුත් කළේ.

ඒ අනුව රජයේ රස පරීක්ෂක දොපර්තමේන්තුව, ශ්‍රී‍්‍ර ලංකා ගුවන් හමුදාව , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසයි නියෝගය ලබාදී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2020 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්