සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක් තේමාව යටතේ 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අභිමානයෙන් සැමරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ පිලිබද විශේෂ සාකච්ඡාවක් අරලිගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
පසුගිය වසරට සාපේක්ෂව මෙවර ජාතික දින උළෙලට සහභාගී වන පිරිස සියයට 30 කින් අඩු කිරීම සහ තේමාවට උචිත සංස්කෘතිකාංග පමණක් යොදා ගැනීම පිලිබදව මෙහිදී අවදානය යොමු කෙරුණා. එදින සෑම නිවසකම ජාතික ධජ එසවීමටත් එකම මොහොතකදී පැලයක් රෝපණය කිරීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. තම දිවි නොතකා ජනතාවගේ ජීවිත බේරාගත්තවුන්ගේ එකමුතුවක් වන වීරපොදු ජන පදනමද ජාතික දින උළෙලට එක්වීම සදහා අවසර ඉල්ලා ඇති බැවින් ඔවුන්ටද ඒ සදහා අවසර ලබාදීමද මෙහිදී තීරණය කෙරුණා.
72 වන ජාතික නිදහස් දිනයට සමගාමී පෙරපුහුණු කටයුතු, රථවාහන හැසිරවීම මෙන්ම උත්සව භූමිය ආශ්රිත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමද මහජනතාවට බාධා නොවන ආකාරයෙන් සිදුවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, දිනේෂ ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර සහ මහින්ද සමරසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම ත්‍රිවිද හමුදාව සහ පොලිස් උසස් නිලධාරීන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.