පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අද (03) සිය ධුරයන්හි රාජකාරී ආරම්භ කළා.
පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස පත්ව සිටින්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. පරිණත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයෙහි රාජකාරී ආරම්භ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි එම කාර්යාලයේදීයි.
මේ අතර පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අද (03) සිය ධුරයේ වැඩ භාරගත්තා.