හපුතලේදී සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරෙන් ගුවන් හමුදාවේ හතර දෙනෙක් මියගොස් තිබෙනවා.
ගුවන් අවේෂණ කටයුතු සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගතවූ හෙලිකොප්ටර් යානය ගිනිගෙන හපුතලේ නගරයට ආසන්නයේදී කඩාවැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පරික්ෂණ කමිටුවක් පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.