වාණිජ ගුවන්යානා අනතුරුවලින් මියයන සංඛ්‍යාව සියයට පනහකින් අඩු වී ඇති බව ගුවන්සේවා කර්මාන්තය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ගුවන් යානා අනතුරුවලින් පසුගිය වසරේදී මඟින් 257 දෙනෙකු මියගොස් තිබෙනවා. 2018 වසරේදී එම සංඛ්‍යාව 534 ක් ලෙසයි වාර්තා වුණේ. ගුවන් ගමන් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබියදී අනතුරු අවම වීම ගුවන්යානා කර්මාන්ත ක්ෂේත්රයේ වර්ධනයක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. පසුගිය වසරේදී විශාල වානිජ ගුවන් යානා අනතුරු 86 ක් වාර්තා වුණා. එම අනතුරුවලින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් යානා අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී සිදු වූ ඉතියෝපියා ගුවන් අනතුරේදී වාර්තා වුණා. එම අනතුරෙන් පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.