fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 14:33

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි උත්සන්නවීමත් සමඟ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැඩි උණුසුම සහ අධික සුළං හේතුවෙන් ලැව් ගිනි පාලනය අපහසු වී ඇති බව සඳහන්. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් සහ වික්ටෝරියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක ලැව් ගිනි පැවතුණා. මෙම ලැව් ගිනිවලින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. නිවාස 1200 කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. පුද්ගලයින් 17 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. මෙම ප්‍රදේශවල සිටින සංචාරකයින්ට ඉවත් වන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. කැන්බරා අගනුවරද ඝන දුමාරයකින් වැසී ගොස් තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo