fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාලය ඔස්සේ ඖෂධ වර්ග නීතිවිරෝධී ලෙස අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 09:08

අන්තර්ජාලය ඔස්සේ ඖෂධ වර්ග නීතිවිරෝධී ලෙස අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ විදේශීය ගැණුම්කරුවන් හඳුනාගෙන ඔවුන්ට විවිධ ඖෂධ වර්ග නීතිවිරෝධී ලෙස අලෙවි කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදීයි.

අදාළ පාර්සල් තුළ ඖෂධ වර්ග ඇති බව සඳහන් නොකර තැපැල් නිලධාරීන් නොමග යවා මෙම ඖෂධ විදේශගත කිරීම සිදුකර ඇති බවයි තැපැල් නිලධාරීන් පවසන්නේ. විදේශිකයන්ට තැපැල් කිරීම සඳහා සකස් කර තිබූ ඖෂධ පාර්සල් 42 ක් ද සැකකරු ළග තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිගු කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගොස් තිබූ බවයි හෙළිව තිබෙන්නේ. වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ඖෂධ අලෙවිසැල්වලට එරෙහිව කටයුතු කරන බව වැටලීම සිදුකළ නිළධාරීන් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2020 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo