හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන දිවයිනම ආවරණය වන පරිදි අද ආරම්භ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්ව සිටියා.
දැනට සියයට විසිනවයක්ව පවතින මෙරට වන ගහනය ඉදිරි පස්වසර තුළ සියයට 32 දක්වා ඉහළ නැංවීම අරමුණුකර ගනිමින් හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක්රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්ති ප්රකාශනයට සමගාමීවයි මෙය ක්‍රියාත්මක වන්නේ. වසරකට පැළ දසලක්ෂයක් රෝපණය කිරීමේ අරමුණ ඇතිව අද ආරම්භ වූ මෙම වැඩසටහනට දිවයිනේ සියලු ප්‍රදේශ ඇතුළත්. මිරිහාන සිය පෞද්ගලික නිවාස පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් ජනාධිපතිතුමා ද මෙම ජාතික වැඩසටහනට එක්වුණා. දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සිය සුබ පැතුම් එක් කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද තංගල්ල කාල්ටන් නිවසේ පැළයක් රෝපණය කරමින් මෙම රුක්රෝපණ ජාතික වැඩසටහනට එක් වුණා.
මේ අතර ජාතික රුක්රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා උයනේදී පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති එම උත්සවයට මහා සංඝරත්නය ද මහජන නියෝජිතයින් රැසක් ද එක්ව සිටියා.
දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු ධාවන බල මූලස්ථාන පරිශ්‍රයේදී ද රුක්රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංවුණා. අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.
පරිසර වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේදී ද හැදෙන රටට වැඩෙන ගසක් රුක්රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංවුණා. රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදුකෙරුණේ.
කලුතර දිස්ත්‍රික්කයේ මෙම රුක්රෝපණ වැඩසටහනේ ප්‍රධාන උත්සවය පැවැත්වුණේ යගිරල ප්රදේශයේදීයි. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී ද ජාතික රුක්රෝපණ වැඩසටහන ක්‍රියාවට නැංවුණා. අමාත්‍ය විමල් වීරවංශ හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.