fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මගී බස් රථවල ඝෝෂාකාරි ගීත වාදනයත් තහනම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2020 09:15

මගී බස් රථවල ඝෝෂාකාරි ගීත වාදනයත් තහනම්

පෞද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතු ගීත හා වීඩියෝපට විකාශය කිරිම අද (01) සිට තහනම් වනවා.

ඒ සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනා ගමන කොමිසමට ද උපදෙස් ලබා දුන්නා. හිරිහැර සිදුවන ආකාරයෙන් එවැනි ගීත වාදනය කළහොත් 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කළේ. පැමිණිලි මත බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගැනීමට ජාතික ගමනා ගමන කොමිසමට බලය හිමිව තිබෙනවා.

ඒ අනුව අද (01) සිට සියලු බස් රථ සදහා සුභාවිත ගීත දහසකින් සමන්විත ගී සමුච්ඡයක් හඳුන්වාදීමටත් අමාත්‍යාංශය පියවර ගත්තා. විද්වත් මන්ඩලයක අධීක්ෂණය යටතේ එම ගීත තෝරාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2020 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්