ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සගරාව මෙම දශකයේ ටෙස්ට් සහ පන්දුවාර විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම කණ්ඩායම්වලට ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් දෙදෙනෙකු ද ඇතුලත්වීම විශේෂත්වයක්.
මෙම දශකයේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ද ඇතුලත්. විස්ඩන් සගරාව ඔහුව හදුන්වා ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ වේග පන්දු රජු ලෙසයි. ඕස්ටේ්රලියාකී්රඩක ආරෝන් ෆින්ච්, විස්ඩන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වනවා. ග්ලෙන් මැක්ස්වෙල් සහ ෂෙන් වොට්සන් යන ඕස්ටේ්රලියානු කී‍්‍රඩකයන්ද මෙම කණ්ඩායමට ඇතුළත්. ඉන්දීය කී‍්‍රඩකයින් වන විරාට් කොලි සහ ජස්පි්රත් බුම්රාද එහි සමාජිකයන්. එංගලනත්යේ ජොස් බට්ලර් සහ ඬේවිඞ් විලි ද නවසීලන්තයේ කොලින් මුන්රෝ ඊට ඇතුළත්. ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩකයින් දෙදෙනෙකුද වන මොහොමඞ් නබී සහ රශීඞ් කාන් ඊට අයත්. විස්ඩන් සගරාව ප්‍රකාශයට පත් කළ මෙම දශකයේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු පිතිකරු කුමාර් සංගක්කාර ඇතුලත්.
මේ අතර අදින් නිමාවන දශකයක කාලය තුළ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග සමත්ව තිබෙනවා. 2010 වසරේ සිට 2020 වසර දක්වා වන මෙම කාලය තුළ දී ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 248ක්. මෙම කාලය තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ කඩුලු 177ක් දවා ගත් බංග්ලාදේශයේ ශකිබ් අල්හසන්. තුන්වන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 173ක්. මේ අතර ශ්‍රී ලංකාවේ තිසර පෙරේරාද කඩුලු 171ක් දවා ගනිමින් මෙම දශකයේ වැඩිම කඩුලු ලාබීන්ගේ ලැයිස්තුවේ 05වන ස්ථානයේ පසුවනවා.
මේ අතර ඉන්දියාවේ කොචින් නුවර පැවති 23වන දකුණු ආසියා ගිමහා කරාටේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පාසල් ක්‍රිඩක ක්‍රිඩිකාවන් අද (31) උදෑසන දිවයිනට පැමිණියා. රන් පදක්කම් 16ක්, රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 26 දිනා ගැනිමට එහිදි ඔවුන් සමත් වුණා. එම පිරිස පිලිගැනිමේ අවස්ථාවට කරාටේ සංගමයේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.