රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව මුද්‍රණ ක්ෂේත්රය සම්බන්ධයෙන් දැනුම ලබාදීමේ විද්‍යායතනයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ මුද්‍රණාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි කටයුතු සොයා බැලුවා. මුද්‍රණාල භූමියේ සෑම ස්ථානයක් වෙතම ගිය අමාත්‍යවරයා එම සේවකයින් සමග ද සාකච්ඡා කළා. අනතුරුව රජයේ මුද්‍රණාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාලන අධිකාරිය සමග ද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූවා.