fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුදු වැන් සිද්ධියට භාර වූ රූමි අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2019 11:54

සුදු වැන් සිද්ධියට භාර වූ රූමි අත්අඩංගුවට

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

ඒ අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසුවයි. සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ඇප ලබා දුන්නා. ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වුණේ පසුගිය ජනාධිපතිවරණ කාලයේදීයි. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සැකකරුවන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. තමන්ට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදෙන බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් පොරොන්දු වූ බවටයි සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණේ. එමෙන්ම සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබාදුන් බවට ද මොහුට චෝදනා එල්ලවී තිබෙනවා. මේ අනුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට විදෙස් ගතවීම ඊයේ දිනයේ දී තහනම් කළේ. ඔහු රාජිත සේනාරත්න මහතාගේ හිටපු ලේකම්වරයෙකුද වනවා.

මේ අතර රූමි මොහොමඩ් අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාරවුණා. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම්වලින් පසු අධිකරණය ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ වන විටත් රූමි මොහොමඩ්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ඇප නියම කළා. රාජිත සේනාරත්න මහතාගේ ගුවන් ගමන් අත්හිටවූ අධිකරණය බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසත් රෝහලෙන් පිට වූ වහාම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයාට නියෝග කළා. අධිකරණය ඇප නියම කිරීමෙන් පසුව ද තවමත් රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2019 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්