හිගුරක්ගොඩ සතොස ගබඩාවේ තිබූ සහල් කිලෝ ලක්ෂ තුනක තොගයක් සත්ත්ව ආහාර ලෙස මුදාහැරීමේ ජාවාරමක් හෙලිකර ගැනීමට හැකිවුණා. පසුගිය රජය සමයේ මෙම සහල් තොගය ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවටයි හෙලිවී තිබෙන්නේ.
2017 වසරේ ආනයනය කර ඇති මෙම සහල් තොගය මේ දක්වා සතොස ගබඩාවේ තිබීමත් සමග කල් ඉකුත්වී තිබෙනවා. එම තොග සත්ත්ව ආහාර ලෙස මුදාහැරීමට සූදානම්කර තිබුණා. මෙහි කල්ඉකුත්වූ සහල් කිලෝ තුන්ලක්ෂ පනස්දහසක් සහ මාස දෙකකින් කල් ඉකුත්වන සහල් කිලෝ පනස් දෙදහසක් පවතින බවටයි වාර්තා වුණේ. ඒ අනුව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් හගුරන්කෙත සතොස ගබඩාව වෙත පැමිණියා. එම අවස්ථාව වනවිටත් සහල් තොග රැගෙන යාම සදහා ලොරි රථවලට පටවන ආකාරය දැකගත හැකි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wINIQLf0aQ4″]