fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම පිළිබඳ දැනුම් දෙන්න දුරකතන අංකයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2019 11:28

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම පිළිබඳ දැනුම් දෙන්න දුරකතන අංකයක්

මගීන්ට  හිංසා වන පරිදී අධික ශබ්දයෙන් යුතු ගීත පෞද්ගලික බස්රථවල වාදනය කිරීම ලබන පළමුවනදා සිට මුළුමනින්ම තහනම්. එවැනි ගීත වාදනය කරන්නේ නම් ඒ බව 1955 ට පැමිණිලි කරන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ.

අධික ශබ්දයෙන් යුතු ගීත වාදනය කරන හා වීඩියෝ පට ප්‍රදර්ශනය කරන පෞද්ගලික බස්රථවල රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. 1955 අංකයට ලැබෙන මහජන පැමිණිලි මත ඒ සඳහා පියවර ගැනෙනවා. මේ අතර පුද්ගලික හෝ ලංගම බස් රථ මන්දගාමීව ධාවනය කරන්නේ නම් ඒ බවද අදාළ අංකයට පැමිණිලි කළ හැකියි. අවනීතිව හා නීතිවිරෝධීව හැසිරෙමින් බස් රථ ධාවනය කිරීම ආදී අදාළ ඕනෑම කාරණාවක් 1955 අංකයට දැනුම් දිය හැකියි. මේ අතර සුභාවිත ගීත දහසකින් සමන්විත ගීත සමුච්ඡයක් බස් රථවලට හදුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම ගී තැටි බෙදා දීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී හෙට සිදු කෙරෙන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2019 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්