fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිසර පෙරේරා අධිකාරිලත් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2019 09:53

තිසර පෙරේරා අධිකාරිලත් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩක තිසර පෙරේරා අධිකාරිලත් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබෙනවා. ඒ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරිමේ අරමුණින්.

තිසර පෙරේරා ඊයේ දිනයේදී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට ක්‍රිඩා කළා. ඒ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති අන්තර් සමාජ ආරාධිත සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයේ තරගයකදී එන්සීසී කණ්ඩායමට එරෙහිවයි.

කොළඹ එස්එස්සී ක්‍රිඩාංගනයෙ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්සීසී කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03ක්  අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 194 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා යුදහමුදා ක්‍රිඩා සමාජ කණ්ඩායමට පන්දුවාර 42යි පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 172ක් පමණයි. එහිදි තිසර පෙරේරා පන්දු 07කින් ලකුණු 16ක් ලබා ගත්තා. ඊට හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ඇතුලත්.

තිසර පෙරේරා අධිකාරිලත් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අයිටිඑන් ප්‍රවෘත්ති අංශයට තහවුරු කළා. මීට පෙර දිනෙෂ් චන්දිමාල් ද මේ අයුරින්ම ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වුණා. අන්තර් සමාජ ආරාධිත සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය  හෙට කොළඹ එස්එස්සී ක්‍රිඩාංගනයේදී පැවැත්විමට නියමිතයි. ඒ එන්සීසී කණ්ඩායම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම අතරයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2019 09:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්