එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා. ඒ සාකච්ඡාවක් වෙනුවෙන්. පෙරවරු 11 ට සාකච්ඡාව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල භෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.