ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්විම හේතුවෙන්.
තුන්වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාව දිනු ඇන්ඩි මරේ සති හයකට පෙර ඩේවිස් කුසලාන තරගාවලියේ සිට ආබාධ තත්ත්වයෙන් පසුවුණා. ඒ හේතුවෙන් ලබන ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ. ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ නැවතත් ක්‍රි ඩා කළ හැකි තත්ත්වයට පත් කර ගැනිමට තමන් මහන්සි වන බවයි.