fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධීවරයින් 14දෙනෙකු නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2019 09:48

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධීවරයින් 14දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවරයින් 14දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ් දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදීයි නීති විරෝධි ලෙස මොවුන් මසුන් අල්ලමින් සිට ඇත්තේ. සැකකාර ඉන්දිය ජාතිකයින් වයස අවුරුදු 20ත් 70ත් අතර පසුවන බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණේ. එහිදි සැකකරුවන් සතුව තිබි ට්‍රෝලර් යාත්‍ර 03ක් ද නාවික හමුදා භාරයට ගැණුනා. මෙම සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට නියමිතයි. නාවික හමුදා අඛණ්ඩ මුර සංචාර හේතුවෙන් මේ වන විට ඉන්දිය ධීවර යාත්‍රා මෙරට මුහුදු සිමා මාර්ග උල්ලංඝනය කිරිම මේ වන විට අවම මට්ටමක පවතින බවයි නාවික හමුදා මාධ්‍ය සඳහන් කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්