fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා විදේශ ඇමති ලබන මස 14 සහ 15 මෙරට සංචාරයක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 16:57

රුසියා විදේශ ඇමති ලබන මස 14 සහ 15 මෙරට සංචාරයක

රුසියා විදේශ අමාත්‍ය  සර්ජි ලැව්රොෆ් මහතා ජනවාරි මස 14 සහ 15 යන දින වල ශ්‍රි ලංකාවේ සංචාරකට එක්වීමට නියමිත බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 14 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවයි. එමෙන්ම  විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද රුසියා විදේශ අමාත්‍ය  සර්ජි ලැව්රොෆ් මහතා සාකච්ඡාවකට ද  එක්වනු ඇති.

ශ්‍රී ලංකාව සහ රුසියාව පවත්නා දේශපාලන සබදතාවල වර්තමාන තත්ත්වය,  වෙළෙද,  ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කර ගැනීම ආදී කරුණු රැසක් පිළිබද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම  ද්වීපාර්ශ්වීය ගිවිසුම් සහ නෛතික පදනම පුළුල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 16:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්