තායිලන්තයේ තාම්ලූවන් ලෙනේ සිරවී සිටියදී යොවුන් පාපන්දු කන්ඩායම බේරාගැනීමේ මෙහෙයුමට එක්වූ තායි නාවික හමුදා සෙබලෙකු වසරකට පසු මියගොස් තිබෙනවා.
ඒ පාපන්දු කණ්ඩායම බේරාගැනීම සදහා කටයුතු කරමින් සිටියදී සිදුවූ රුධිර ආසාධන තත්වයක් හේතුවෙන්. ඔහු ඒ සදහා වසරක කාලයක් ප්‍රතිකාර ලබාගත්තා. කෙසේවෙතත් ආසාදන තත්වය උග්‍රවීමෙන් නාවික සෙබලා මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
මීට වසරකට පෙර තාම්ලුවන් ලෙනේ සිරවූ යොවුන් පාපන්දු කණ්ඩායම පිලිබදව ලෝකයේ රටවල් රැසක විශේෂ අවධානයට ලක්වුණා.