නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය ද එම පත්වීම තහවුරු කළා. වෙදසිංහ මහතා අනිද්දා (30) සිට සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමටයි නියමිත.
ඔහු ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි දැනට කටයුතු කරන්නේ.