වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (28) ප්රකාශකයක් ලබා ගත්තා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව මෙහෙයවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය වරෙන්තු නිකුත්කර තිබිය දී ඔහු නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ප්‍රතාකාර ලබා ගැනීමට ඇතුළත් වුණා. ඊයේ (27) දිනයේදී එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනිමට කටයුතු කළා. ඒ පිලිබදව අධිකරනයට කරුණු වාර්තා කිරිමෙන් පසුව එම රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කිරිමට නියෝග කළා.
කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා අධිරුධිර පීඩනයෙන් හා ආතතියෙන් පෙළෙන බව ද රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධාගාර නිළධාරින්ගේ ආරක්ෂාව යටතේ තවදුරටත් එම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට ඊයේ (27) රාත්‍රීයේදී අපරාධ පරික්ෂරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලා සිටීමට සිදු වූ බවයි වාර්තා වන්නේ. මෙම සැකකරු වෛද්‍ය පරික්ෂණයකට යොමුකර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අදාළ වෛද්‍ය පරික්ෂණයේ වාර්තාව ලැබෙන තුරු නුසුදුසු බව ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුවයි අද (28) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ.